ගෑස් මිල නැවතත් ඉහලට

ලිට්‍රෝ ගෑස් සමාගම සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

එම සමාගම නිවේදනය කරන්නේ රුපියල් 4,860 ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල 4,910 ක් දක්වා ඉහළ යන බවයි.

කෙසේ වෙතත් කිලෝග්‍රෑම් පහ සහ 2.5 ගෑස් සිලින්ඩරවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නැහැ.

තව ද අද (11) සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සහ13 වනදා සිට පිට පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර අනවශ්‍ය ලෙස ගෑස් තොග ගොඩගැසීම වැළැක්වීම සඳහා ගෑස් මිලදී ගන්නා අවස්ථාවේ දී මැයි මාසය සඳහා වන විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බව ද ලිට්‍රෝ සමාගම කියා සිටිනවා.

POPULAR

Recent articles