“අඛණ්ඩව ඩොලර් ලබාදෙන්නේ නම් ඉන්ධන සැපයිම සහතික කළ හැකියි” – උදය ගම්මන්පිල

ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා තිබෙනවා.

ඩොලර් අඛණ්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන නොනවත්වා සැපයිම සහතික කළ හැකි බව ඔහු කියනවා.

තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනිමය පාවිච්චි කරනවාදැයි තීරණය කිරීම බව ඔහු පවසනවා. ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවාද යන තීරණය ආණ්ඩුව ගත යුතු බවයි ඇමතිවරයා සඳහන් කර ඇත්තේ.

ඉන්ධන අර්බුදය ශරීරියේ ලේ ගමනය නැති වූවා වැනි බවත් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොමැති මෙන්ම විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බවත් පසුගිය වසර පුරාම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කිව්වත් මේ වන විට ඒ භයංකාර සිහිනය සැබෑ වී ඇති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා කියනවා.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ආයනයන සඳහා ඩොලර් බිලියන 21 ක් විදයම් කර තිබුණ ද ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 2.8 ක් පමණක් වියදම් කර ඇති බව කී අමාත්‍ය ගම්මන්පිල අමාත්‍යවරයා නිසිලෙස සහ සකසුරුවමින් විදේශ විනිමය පාලනය කර අනවශ්‍ය වියදම් කපා දැම්මොත් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහ විදුලි සැපයමුක් ලබාදීමේ හැකියාව ඇති බවයි කියන්නේ.

POPULAR

Recent articles