”අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න” – හේෂා විතානගේ

තමන්ට ආරාධනා කළ පළියට තමන් කිසිවෙක් රනිල් වික්‍රමසිංහගේ ජාතික සභාවට යා යුතු නැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

ඊයේ (29) පැවති ජාතික සභාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සමඟ චම්පික රණවක යන මන්ත්‍රීවරු සහභාගී වී තිබුණා.

“අපිට ආරාධනා කළ පළියට අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න. රනිල් වික්‍රමසිංහත් එක්ක ඔතන හිටගන්න පුළුවන්ද. ජාතික සභාව කියන්නේ හොර ගුහාවක් ආරක්ෂා කරන මණ්ඩපයක්, කණ්ඩායමක්. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාවට අපි කියනවා සජබ මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාව ඉටු කීමේ යුතුකම වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ.

රනිල් වික්‍රමසිංහගෙන් යැපිලා, රනිල් වික්‍රමසිංහගේ අරමුණු වෙනුවෙන් පිටිපස්සේ ඉඳගෙන සහයෝගය දක්වන්නේ කව්ද කියන එක රටේ ජනතාව තෝරාගන්න කියන එක තමයි අපිට මතක් කරලා දෙන්න තියෙන්නේ” යි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles