”ඔය කියන මන්දපෝෂණයක් නෑ” – අජිත් රාජපක්ෂ

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී, නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ පවසා තිබෙනවා.

සූරියවැව ප්‍රදේශීය සෞඛ්‍ය තත්වය ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ තැනක ඇතැයි තමන් පෞද්ගලිකව කළ සොයා බැලීමේදී හෙළි වූ බව ඔහු පවසනවා.

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි, මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ. අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා.

පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයේ දී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නේ” යැයි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles