එළඹෙන නොවැම්බර් මාසයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1 250 අතරින් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට හා ඉන්ධන අළෙවි කිරීමට බලය ලබාදීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් 24 න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට අවස්ථාව දීමට නියමිත බව කියා සිටිනවා.
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/09/image-29.png?resize=630%2C288&ssl=1)
ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.