ගෑස් සිලින්ඩරය රුපියල් 200 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ බලධාරීන්ගෙන් ඉල්ලයි

ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර ඇති බවත් එම ඉල්ලීම අහක නොදමා කවුරුන් හෝ එහි වගකීම ගතයුතු බවත් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසනවා.

මිල වැඩිවීම්, අඩුවීම් ඇතුළු සියලු කරුණු සැලකිල්ලට ගෙන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි නව සභාපතිවරයා කියන්නේ. එම ඉල්ලීම අහක නොදමා එහි වගකීම කවුරුන් හෝ භාරගත යුතු බව ඔහු පවසනවා.

ලිට්රෝ ගෑස් සිලින්ඩරය 7000 ක් දක්වා වැඩි කරන බවට මාධ්‍යවල සිරස්තර පළකර තිබුණත් ‘ලාෆ්’ ගෑස් සිලින්ඩරය විශාල මුදලකින් වැඩි කළ අවස්ථාවේදීවත් ලිට්රෝ සමාගම මිල ඉහළ නොදැමූ බවයි අලුත් සභාවතිවරයා කියන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා අඛණ්ඩ දින ගණනක්ම දරුණු ගෑස් හිඟයක් වෙළද පොලේ පවතින අතර දිගු ගෑස් පෝලිම් රට පුරාම දක්නට ලැබෙනවා.

POPULAR

Recent articles