”ඊළඟට එන්නේ බඩගින්න විසින් මෙහෙයවන පියවරුන්” – විමල් වීරවංශ

රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත් එවැනි විනාශ හරහා රටේ අඳුරු තත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ අද (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

මීට පෙර ඉදිරියට පැමිණියේ ඉන්ධන ප්‍රශ්නය විසින් මෙහෙයවනු ලැබූ මිනිසුන් බවද එහිදී කියා සිටියා.

ඔහු මේ බව පැවසුවේ ජාතික සභාව යෝජනාව පිළිබඳ විවාදයේදී යි.

ජනතාවගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නය විසඳීමට විධිමත් විද්‍යාත්මක සැලැස්මක් තිබිය යුතු බවත් බඩගින්න නිවන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් ඔහු කියා සිටියා.

එදා වේල ටුවර්ස් වැඩසටහන් වලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවද හෙතෙම පැවසුවා.

පාලකයන්ගේ විදේශ ගමන් සඳහාඕනෑ තරම් ඩොලර් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා මහ රැජිනගේ අවමගුල වෙනුවෙන් ඉන්දියාව පිටත්කර යැව්වේ නියෝජිතයකු බවද පෙන්වා දුන්නා.

දේශීය කර්මාන්තකරුවාගේ ජීවන තත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles