හැමෝම ඇහැගහගෙන ඉන්නේ මේකේ තියන සල්ලිවලට – ක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇ. ඩො. මි. 40ක පමණ සංචිතයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා. ඔහු පවසන්නේ මෙම සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඇති මුදල් සංචිතයට වඩා වැඩි බවයි. එහෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙස සැවො ම නෙත් යොමා සිටින්නේ මෙම මුදල් කන්දරාව සම්බන්ධයෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවා නම්, ක්‍රිකට් ආයතනයට උපරිම වශයෙන් ඇ. ඩො. මි. 2.5 ක මුදලක් අහිමිි වුනු ඇති බව ඔහු පවසනවා. අද(15) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ ෂම්මි සිල්වා මේ බව කියා සිටියා.

ආසියානු කුසලාන කුසලානය ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට ගෙනයාම හරහා ක්‍රිකට් ආයතනයට විශාල ලාභයක් හිමි වූ බවද ඔහු කියා තිබුණා. යම් කිසි කෙනෙකු මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ශ්‍රී ලංකාවට යම් කිසි පාඩුවක් වූ බව පවසන්නේ නම් ඔවුන් සමග ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

POPULAR

Recent articles