දමිතා අබේරත්නට ඇප

දමිතා අබේරත්න ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හරින ලෙසයි. රංගන ශිල්පිනි දමිතා අබේරත්න ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දමිතා අබේරත්න පසුගිය (07) වනදා රාත්‍රී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.

පසුගියදා දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.
එහිදී බන්ධනාගාර නිලධාරීන් මිනිත්තු 45 ක පමණ කාලයක් බන්ධනාගාරව සිටින දමිතා අබේරත්න බැලීමට බන්ධනාගාරය තුළට ඇතුලුවීමට ඉඩ ලබානොදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සජබ මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න යන දෙදෙනා දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට ද එම අවස්ථාව සලසාදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණා.

POPULAR

Recent articles