හරිනි අමරසූරියට බාධා කිරීම ගැන වාර්තාවක් කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට බන්ධනාගාර නිලධාරීන් බාධා කිරීම ගැන වාර්තාවක් කැදවා තිබෙනවා.

ඊයේ දිනයේ දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත ගොස් තිබුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට නිලධාරීන් විසින් බන්ධනාගාරයට ඇතුළුවීමට බධා පමුණුවා තිබුණා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් වාර්තාවක් කැදවා තිබෙනවා.

එහිදී බන්ධනාගාර නිලධාරීන් මිනිත්තු 45 ක පමණ කාලයක් බන්ධනාගාරය තුලට ඇතුලුවීමට ඉඩ ලබානොදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ. එම නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද කඩ කරමින් තමන්ට එම අවස්ථාව ලබානොදුන් බවද මන්ත්‍රීවරිය චෝදනා කළා.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට එම බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට ද එම අවස්ථාව සලසාදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණා.

POPULAR

Recent articles