ලංකාවෙන් බාගෙයක් විටමින් අවුලක

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 50%ක පමණ ප්‍රමාණයක් විටිමින් D ඌණතාවයෙන් පෙළෙන බව සොයගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන පවසනවා.

විටමින් D ඌණතාවය හේතුවෙන් පුද්ගලයන්ට විවිධ රෝග හා පීඩා ඇතිවන බව ද වෛද්‍යවරිය කියා සිටිනවා.

සාමාන්‍ය පුද්ගලයන් හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් D ලබාගත හැකි බව ද පැවැසූ විශේෂඥවරිය එය සරල හා ලාභදායිම ක්‍රමය බව ද පෙන්වා දෙනවා.

එමෙන්ම ඇය කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයකු දිනකට පැය භාගයක කාලයක් සතියකට දින තුනක් බැඟින් හිරු එළියට නිරාවණය වීම වැදගත් බවයි.

POPULAR

Recent articles