ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් රාජ්‍ය අමාත්‍ය ධුර

ශ්‍රීලනිප මීට පෙර තීරණය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ අමාත්‍ය ධුර හෝ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා නොගන්නා බවයි.

එහෙත් එම එකඟතාව බිඳිමින් මීට පෙර නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන දෙදෙනාම කැබිනට් අමාත්‍ය ධුරයන්හි දිව්රුම් දුන්නා.

ඒ ආකාරයටම අද (08) දින රාජ්‍ය අමාත්‍ය ධුරයන්හී දිව්රුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනා අතරට තවත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පස් දෙනෙකු දිව්රුම් දුන්නා.

ඒ ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරු යි.

POPULAR

Recent articles