”යුනිසෙෆ් සංවිධානය කියන්නේ බොරු, මන්දපෝෂණය නෑ” – සෞඛ්‍ය අමාත්‍යාංශය

යුනිසෙෆ් සංවිධානය පවසන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරන්නේ පසුගිය දිනවල රට තුළ පැවති ආර්ථික අර්බුද මධ්‍යයේ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ආර්ථික අපහසුතා සහිත පවුල් හඳුනා ගෙන එම පවුල් සඳහා විශේෂ හදිසි පෝෂණ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඇය පැහැදිළි කර සිටිනවා.

මෙරට මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ඊයේ (07) පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ දෙවන දිනයේ දී ද අදහස් පළ වුණා.

POPULAR

Recent articles