මීටරේට වැඩියෙන් තෙල්

මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ මීටර් සවිකර ඇති හා මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන පිරිස් සඳහා මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

දැනට ත්‍රීරෝද රථ ලබාදෙන ලීටර් 05ක ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමටත් වැඩි කරන ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට අවස්ථාව සලසන බව අමාත්‍යවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය හා පළාත් සභා මඟින් තොරතුරු එක්රැස් කර ගැනීමෙන් අනතුරුව මෙය ක්‍රියාත්මක කරන බවයි.

POPULAR

Recent articles