බිත්තර 7 500ක් රාජසන්තක කෙරේ

අලෙවිය සඳහා වැඩි මිලට බිත්තර බෙදාහැරිය බවට අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට හා වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් දෙදෙනෙකුට මුදලින් රුපියල් ලක්‍ෂය බැගින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් විසින් දඩ නියම කර තිබෙනවා.

එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයා සමග පරිභෝගික අධිකාරිය මගින් සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බිත්තර හත්දහස් පන්සීයක් (7 500) රාජසන්තක කරන ලෙසටයි.

මේ අතර රජයේ සහතික මිල වන රුපියල් 43 වෙනුවට රුපියල් 49ට වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් වෙළෙඳ සල් හිමියන් දෙදෙනෙකුට අතිරේක මහෙස්ත්‍රාත් හේවාවසම් මහත්මිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කර තිබෙනවා.

POPULAR

Recent articles