දහම් සිරිසේනට නිදහස් පක්ෂයෙන් පත්වීමක්

පොළොන්නරුව, බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස අද (31) දින දහම් සිරිසේන වෙත පත්වීමක් ලබා දී තිබෙනවා. ඒ ඔහුගේ පියා, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ මන්ත්‍රී, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන අතින්.

මේ පත්වීම ලබාදීම පිළිබඳව දහම් සිරිසේන පවසන්නේ “අද දින මා ඇතුලු පොළොන්නරුව දීස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයන් හි පත්විම් ලැබු සෙසු අය පිළිබදවද විශ්වාසය තැබු පක්ෂ සභාපතිතුමන් ඇතුලු සියලු නායකයන්ට මා ස්තුතිවන්ත වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මා හට ලබාදුන් මෙම වගකීම ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරිමට රුකූලක් වනු ඇතැයි මා විශ්වාස කරමි” යි යනුවෙනුයි.

POPULAR

Recent articles