බිත්තර ගැන වෙළඳ ඇමතිගෙන් තීරණයක්

කුකුළු ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩු කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසන්නේ ඒ අනුව පවතින උපරිම සිල්ලර මිලට බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින්ට හැකියාව ලැබෙන බවයි.

සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් හා රතු හා දුඹුරු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් ලෙස නියම කරමින් රජය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ බිත්තර සඳහා පැන වූ උපරිම සිල්ලර මිලෙහි වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

කෙසේ වුවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසන්නේ රුපියල් 50 ට අඩුවෙන් බිත්තරයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

POPULAR

Recent articles