”චීන ණය ප්‍රතිව්‍යුහගත කරන්න” – IMF

චීනයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.5 ක පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සාකච්ඡා ශ‍්‍රී ලංකාව විසින් ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා.

සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ චීනය ශ‍්‍රී ලංකාවේ විශාල ණයහිමියෙකු වන අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සදහා වන සාකච්ඡා තවමත් ඉදිරියට යමින් ඇති බව ඒ සමඟම ඔහු පවසා තිබෙනවා.

POPULAR

Recent articles