”අන්තර් වාර පාලනයක් අවශ්‍යයි” – ඩග්ලස් දේවානන්ද

උතුරු හා නැගෙනහිර පළාත් සභා සඳහා අන්තර් වාර පාලනයක් ඇති කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා.

අදාළ අන්තර්වාර පාලනය සඳහා පළාත් දෙක නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම එක් විය යුතු බවයි ඔහු කියන්නේ. එවැනි අන්තර් වාර පාලනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින්න බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පළාත් සභා දෙකෙහිම ධුර කාලය අවසන් වී ඇති අතර මේ වනවිට එම පළාත් පවත්වාගෙන යන්නේ ආණ්ඩුකාරවරුන් විසින්. ඒ බව පවසන අමාත්‍යවරයා ඒ හේතුවෙන් ජනතාව පිළිබඳව සාර්ථක පරිපාලන තීරණ ගැනීමට නොහැකි ව ඇතැයි ද කියනවා. උතුරු හා නැගෙනහිර ජාතික ගැටලුවට විසඳුමක් ගෙන ඒමට අන්තර්වාර පාලනයක් ඇති කිරීමෙන් සාර්ථක ප්‍රවේශයක් ලබා ගත හැකි බවද ඔහු පවසනවා.

POPULAR

Recent articles