මහින්ද රාජපක්ෂගේ නිල නිවස අලුත්වැඩියාවට මිලියන 400ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජය ලබා දී ඇති විජේරාම මාවතේ පිහිටි නිල නිවාස පුළුල් කර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 400ක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේද එවකට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් අදාළ අලුත්වැඩියාවට කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා. එහෙත් එම ඉල්ලීම සලකා බැලීම කල් දමා තිබූ බවයි කියන්නේ.

එම අලුත්වැඩියාව නිම වන තුරු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බුලර්ස් පටුමගෙහි නිවසක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

POPULAR

Recent articles