ඖෂධවලින් 40%ක් දේශියව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්

මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40%ක් දේශියව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටිනවා.

ඒ ඔස්සේ යමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබෙනවා.

තයිරොක්සීන් ඌනතාවය සඳහා ලබාදෙන ලිවොත්‍රයිසීම් මිලි ග්‍රෑම් 50, ග්‍රෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන ඔමෙප්‍රාෙෂා්ල් මිලිග්‍රෑම් 20 කරල් හා වේදනා නාශක ලෙස ලබාදෙන මෙෆෙනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 50 යන ඖෂධ තුන ඊයේ දිනයේදී මෙරට වෙළෙඳපොළට නිකුත් කළ ඖෂධ වර්ග තුනයි.

මේ අතර පවතින ඖෂධ අර්බුදය පිළිබඳ වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තාක්ෂණික කමිටුවක් පත් කළ බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles