”ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් වුණේ නෑ” – චීන තානාපති

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තාවකාලික ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා චීන රජයේ සහයෝගය අඛණ්ඩ හිමිවන බව චීන තානාපති චී ෂෙන්හොං පවසනවා. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ මේ වන පවතින ආර්ථික අර්බුදය එක් රැයකින් නිමා නොවුණත් කෙටි සාධාරණ කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඉන් මිදීමට හැකියාව පවතින බව චීන රජයේ විශ්වාසය බවයි තානාපතිවරයා කියන්නේ. චීන රජයේ සහයෝගිතා ආධාර ප්‍රදානයට අමතරව චීන බෞද්ධ සංගමය මගින් මෙරට විහාරස්ථාන හා බුදු දහමේ පුනර්ජීවනය උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කොට තිබෙන බව ඔහු පවසනවා.

“ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදු වුවත් ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් සිදු වූයේ නැහැ. දෙරට අතර දී ද්විපාක්ෂික සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම චීන රජයේ අරමුණයි . පවතින අසීරු තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව අපගේ විශ්වාසයයි. එය සඳහා චීන රජයේ නොමද සහය පළ කරනවා” යි මෙරට චීන තානාපතිවරයා සඳහන් කළා.

POPULAR

Recent articles