ඉදිරි පැය තිස් හයේත් වැසි

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තරමක තද සුළං ද ඇති විය හැකි බව යි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (27) පස්වරුවේ නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

POPULAR

Recent articles