ගෝඨාගෝගම 33 වැනි දිනටත් පිබිදෙයි

ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨාගෝගම ජනතා අරගලය අද 33 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

පෙරේදා දිනයේදී විරෝධතා භූමියට මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ගෙන් එල්ලවූ මැර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් සිහිපත් කරමින් ඊයේ (10) රාත්‍රීයේ අරගල භූමියේ දී පිරිස විනාඩි පහක නිහැඬියාවක ද නිරත වුණා.

විරෝධතා භුමියේ ප්‍රධාන වේදිකාවට එක්වූ සර්ව ආගමික නායකයින් රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩකාරීත්වය නවත්වන ලෙසයි.

POPULAR

Recent articles