”මහ පාරේ උද්ඝෝෂණවලින් සිස්ටම් චේන්ජ් කරන්න බෑ” – නිමල් සිරිපාල ද සිල්වා

මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින් සිස්ටම් චේන්ජ් කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ප්‍රතිපල නොමැති බොරු ” සිස්ටම් චේන්ජ් ” වලින් ඵලක් නැතැයි පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ් කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික ,ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනුයි.

එහිදී අමාත්‍යවරයා ඩිප්ලෝමාධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.

POPULAR

Recent articles