ජය ශ්‍රීට එරෙහි වාරණ නියෝගය ඉවත් කරයි

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” හා “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ මහාධිකරණය විසින් අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් හා රෝහණ ජයලත් යන දෙදෙනාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

POPULAR

Recent articles