“මහජන නියෝජිතයින්ට ජීවත් වෙන්න පඩියක් ගෙව්වට කමක් නෑ. අනෙක් සියළු දීමනා නවත්වන්න ඕනේ” – ටිල්වින් සිල්වා

තමන්ගේ ආණ්ඩුවක් යටතේ ජනාධිපතිට, අගමැතිට සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම අහෝසි කරන බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. “ප්‍රේමදාස මහත්තයා මේ රටේ ජනාධිපති වෙලා හිටියා. එතුමා මිය ගියාට පස්සේ එතුමාගේ නෝනා, ප්‍රේමදාස මහත්මියට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවනවා” යැයි ඔහු කියනවා.

“අපි අහන්නේ, සජිත් ප්‍රේමදාස මහත්තයට බැරිද තමන්ගේ අම්ම බලා ගන්න. අපි අපේ අම්මලා බලා ගන්නවා. සජිත් මහත්තය විපක්ෂ නායකනේ. එක රස්සාවක්නේ. ඒ රස්සාවට එතුමා පඩියක් එක්ක තව තව දීමනාත් ගන්නවනේ. ඒ කියන්නේ වත්කමක්, ආදායමක් තියෙනව කියන එකනේ. ඒතකොට ඒතුමට එතුමාගේ අම්මව බලා ගන්න බැරිද. බැරිම කෙනෙක්ටනම් පිං පඩියක් ගත්තට කමක් නැහැ කියමුකෝ. හැබැයි දැන් සජිත් මහත්තයාගේ අම්මා, ප්‍රේමදාස මහත්තයාගේ නෝනා මහත්තයා ආණ්ඩුවේ පිහිටෙන්හොඳ පඩියක් අරගෙන ජීවත් වෙනවා. පුතා ආණ්ඩුව ගන්න කතා කරනවා.

ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා. රියැදුරන් තුනක් දෙනවා. තුන්දෙනාටම ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ වාහන තුනටම ආණ්ඩුවෙන් නොමිලේ තෙල් ගහලා දෙනවා. ගෙයකුත් දෙනවා. ඒ ගෙදර වතුර, ලයිට්, ටෙලිෆෝන් බිල් සියල්ලම ආණ්ඩුවෙන් ගෙවනවා. පුදුම ගෙවිල්ලක් ඒවා. අපි ඒවා නවත්වන්න ඕනේ. මහජන නියෝජිතයෝ කියන අයට ඕනෙනම් ජීවත් වෙන්න ප්‍රමාණවත් පඩියක් ගෙව්වට කමක් නෑ. අනෙක් සියළු දීමනා නවත්වන්න ඕනේ” යි ටිල්වින් සිල්වා මහතා සඳහන් කරනවා.

POPULAR

Recent articles