මර්වින් සිල්වා CID අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2007 වසරේ දෙසැම්බර් 27 ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මතයි.

2007 දෙසැම්බර් මාසයේ 27, මර්වින් සිල්වා අමාත්‍යවරයා සිය සහචරයන්ද කැටුව රූපවාහිනි සංස්ථා ගොඩ නැඟිල්ලට කඩා වදින්නේ ඉන් පෙර දිනයෙහි ඔහු මාතරදී මංගල සමරවීරයන්ගේ මෑණියන් ගැන කී කතාවක් රූපවාහිනියෙහි ප්‍රචාරය නොකළැයි විරෝධය පාමින්.

එම කඩා වැදීමේ දී මර්වින් සිල්වා හා ඔහුගේ සහචරයන් රූපවාහිණියේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.එම්.ජී. චන්ද්‍රසේකරට පහර දී තිබුණා. චන්ද්‍රසේකර මහතාගේ කමිස කොලරයෙන් ඇදගෙන සභාපතිවරයාගේ කාමරයට ගෙන යන්නට තැත්කරන මුත් ඒ උත්සාහය අසාර්ථක වී තිබුණා. මේ අතර තම සගයාට නිරපරාදේ පහර දෙනු දකින රූපවාහිනී සේවකයන් එක්ව මර්වින් සිල්වා අමාත්‍යවරයා සහ පිරිසට පහර දී ආයතන පරිශ්‍රයේ සිරකර ගනු ලැබුවා.අනතුරුව පිරිස මුදාගනු ලැබුවේ දැඩි ප්‍රයත්නයකින්. ඒ වන විටත් අමාත්‍යවරයා සිටියේ හිසින් ලේ පෙරාගෙන, රෝස පැහැති තීන්ත පහර කා කාමරයක සිරවීයි අමාත්‍යවරයා සිටියේ.

මර්වින් සිල්වා මහතා අද (18) අත්අඩංගුවට ගත්තේ එම සිදුවීමෙන් වසර 15කට පසුවයි.

හිටපු ජනාමාධ්‍ය අමාත්‍යවරයකු හා හිටපු එජාප හා එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මර්වින් සිල්වා දැන් ශ්‍රීලනිප සාමාජිකයෙක්. එමෙන්ම
2020 මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂක් ලෙසද ඔහු ඉදිරිපත් වුණා.

POPULAR

Recent articles