බදුල්ල රෝහලේ ඖෂධ හිඟය උග්‍ර වෙයි

අද වන විට බොහෝ රෝහල් තුළ ඖෂධ වර්ග නොමැති තත්ත්වයට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සහකාර ලේකම් බදුල්ල රෝහල් වෛද්‍ය පාලිත රාජපක්ෂ කියන්නේ ඌව පළාත් ප්‍රධානම රෝහල වන බදුල්ල මහ රෝහලේ ඖෂධ හිඟය ඉතා දැඩිව බලපා ඇති බවයි. ඖෂධ නොමැති මෙම තත්ත්වය මත රෝගීන්ට රෝහල් ගත වීම් ඉහල ගොස් ඇති බවත් රෝහල් වල ඉඩකඩ සීමා වී ඇති බවත් වාට්ටුවල ඇඳන් පිරී ගොස් ඇඳවල් යට මෙන්ම කොරිඩෝවේ ද රෝගීන් සිටින බවත් ඔහු සඳහන් කරනවා.

අවශ්‍ය පරිදි ඖෂධ සැපයුම නොලැබුනහොත් සෞඛ්‍ය සේවාව මෙන්ම රෝහල් පද්ධතිය බිඳ වැටීම නවත්වා ගැනීමට නොහැකි බවත් එසේ වූ විට සිදුවන්නේ කොරෝනා සමයටත් වඩා වැඩි අභාග්‍යසම්පන්න ඉරණමකට පත්වීමට ඉඩකඩ වැඩි වීම බව ඔහු පවසනවා.

POPULAR

Recent articles