GSP+ බදු සහනය වෙනුවට බ්‍රිතාන්‍යයෙන් වෙළෙඳ යෝජනා ක්‍රමයක්

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පවසනවා.

වසර 2023 දී බලාත්මක වන මෙම වෙළඳ යෝජනා ක්‍රමය බ්‍රිතාන්‍ය හඳුන්වාදී ඇත්තේ, GSP+ බදු සහන ක්‍රමය වෙනුවටයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග GSP+ බදු සහනය යටතේ අපනයනය කළ භාණ්ඩවලට අදාල වරණීය තීරුබදු සහනය රටවල් රැකසට අහිමි වුණා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ එම සහනය යළි ලබා දීම සඳහායි.

මෙම නව වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමි වනවා.

මහ කොමසාරිස්වරිය පෙන්වාදෙන්නේ මීට අමතරව තවත් නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක තීරුබදු ඉවත් වීමක් සිදුවන බවයි.

මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයෙන් ඇතැම් සෘතුමය තීරුබදු සරල කර ඇති අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන්ට බ්‍රිතාන්‍යයේ වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම එහි අරමුණයි.

POPULAR

Recent articles