චීන නැව හම්බන්තොට වරායට පැමිණෙයි

ඉන්දියාව සහ චීනය අතර පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනයද ඈදා මතභේදයට තුඩුදුන් යුවාන් Yuang Wang 5චීන පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මතයි.

එම නෞකාව වරාය වෙත ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදා යි.

මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හඳුන්වමින් ඉන්දියාව ඊට දැඩි අප්‍රසාදය පළ කළා. එම හේතුවෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකළා. ඒ හේතුවෙන් පසුගිය 11 වැනිදා හම්බන්තොට වරාය වෙත ළඟාවීමට නියමිතව තිබූ Yuang Wang 5 චීන පර්යේෂණ නෞකාවේ පැමිණීම ප්‍රමාද වුණා.

නැවට සහ එහි කාර්යය මණ්ඩලයට අවශ්‍ය ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිත බවයි කියන්නේ.

POPULAR

Recent articles