ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලට සුදුසුකම් ලබයි

වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ති‌බෙනවා.

ලොව පැරණිම අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර මුල්ම සිනමා උළෙලවල් දෙක නියෝජනය කරනු ලබන රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල (MIFF ) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලක්.

ඒ අනුව අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි තරඟකාරී අංශ නියෝජනය කිරීමට අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍ර පටය සුදුසුකම් ලබා තිබුණා.

POPULAR

Recent articles