ජාතික විරෝධතා දිනය අදයි (09)

අද (09) වෙනිදා ‘ජාතික විරෝධතා දිනය’ ලෙස ප්‍රකාශයට පත්කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ තවත් සංවිධාන ගණනාවක් එක්ව කටයුතු යොදා තිබෙනවා. ජන අරගලයට නිසි ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බලකිරීම හා මහජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්ථනය සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බවයි විරෝධතා ව්‍යාපාරය කැඳවමින් එහි සංවිධායකයන් පවසන්නේ.

“අද පැවැත්වෙන මේ විරෝධතාවයේ දී අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පාලක පක්ෂයට ජනතා ආඥාවක් නිකුත් කරන්න. ඒවගේම අද දවස පුරා දිවයින පුරා උද්ඝෝෂණ ගණනාවක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා මේ වේලාවේ එක පැත්තකින් මර්දනය ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ව හිරකූඩුවේ දාලා, ඒ වගේම අරගලය කරපු අයට ප්‍රචණ්ඩත්වය මුදාහැරලා රට වෙනත් දිශාවකට හරවාගෙන යන වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය සම්බන්ධව ඉදිරි අනාගතය කෙසේ සැලසුම් විය යුතුද යන කාරණාව අපි මහජනතාව අතරට ගෙනියනවා. අපි පාලකයන්ට කියන්නේ කරුණාකරලා මහජනතාව ඉල්ලන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉල්ලන දේ දීමට වැඩකරන්න. එහෙම නැත්නම් මේ අරගලය නවතින්නේ නෑ” යි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සම කැඳවුම්කරු උදේනි දිසානායක පවසනවා.

“ජාතික විරෝධතාව” යනුවෙන් නම්කළ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අනුරාධපුර, දඹුල්ල, හුංගම, කටුබැද්, කන්තලේ බලංගොඩ, කෑගල්ල, පිළියන්දල, මහියංගනය, කැකිරාව, කලවාන, පේරාදෙණිය, මාරවිල, තිරප්ප්නේ, මැදවච්චිය, සෙවණගල, වැල්ලවාය, මාතලේ, හොරණ, මහරගම ඇතුළු රටපුරා ප්‍රධාන නගර රැසක පැවැත්වෙන බවයි සංවිධායක මණ්ඩලය කියන්නේ.

POPULAR

Recent articles