කෘෂි යන්ත්‍රෝපකරණවලටත් QR ක්‍රමයට ඉන්ධන

කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා වාහන හා උපකරණවලට QR කේත ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් ද පැවති බවයි.

මේ අනුව කෘෂි යන්ත්‍රෝපකරණ පිරවුම්හල් වෙත රැගෙන ඒමකින් තොරව ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය ක්‍රියාත්මක දෙවැනි දිනයේ ඉන්ධන ලීටර් 5,038,481 ක් නිකුත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටිනවා.

QR කේත ක්‍රමය අනුව ඉන්ධන ලබාගැනීමට මේ වනවිට ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 5,274,730 ක් ලෙස දැක්වෙනවා.

POPULAR

Recent articles