”ශ්‍රී ලංකා ආණ්ඩුව මර්දනය හරහා අවධානය වෙනතකට යොමු කරනවා” – Human Rights Watch

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් සිටින බව Human Rights Watch සංවිධානය පවසනවා.

2022 ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, විරෝධතාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇති බවයි ඔවුන් කියන්නේ.

“කොළඹ සහ රටේ වෙනත් තැන්වල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ජූලි 15 ඉල්ලා අස්වීමට පෙර එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට හේතු විය. ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් මැද කොළඹ ඔවුන්ගේ ප්‍රධාන ස්ථානය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශවලට නියෝග කළේය. පොලිසිය පසුව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා විරෝධතා නායකයින් ඉලක්ක කර ඇත” ඔවුන් පවසනවා.

“සාමකාමී විසම්මුතියට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මර්දනය කිරීම, රටේ හදිසි ආර්ථික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි සහ නීති විරෝධී උත්සාහයක් බව පෙනේ. ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතුය” යනුවෙන් Human Rights Watch හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පවසනවා.

POPULAR

Recent articles