සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාස 3 ක කාලයක් නිවසේ සිට ගෙවත්තේ ආහාර බෝග වගා කිරීම සඳහා මෙලෙස නිවාඩු ලබා දෙන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

කෙසේ නමුත් ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් තොටුපොළ ආදී අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ අමාත්‍යංශ ලේකම්වරයෙකු විසින් සිකුරාදා දිනයේ විවෘතව තැබිය යුතු බවට තීරණය කරන ආයතන මෙයට ඇතුළත් නොවන බවද එහි සඳහන්.

POPULAR

Recent articles