QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම කල් යයි

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ (ICTA) අධ්‍යක්ෂ දසුන් හෑගොඩ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, ලැබෙන ප්‍රතිචාර අනුව පද්ධතිය වැඩිදියුණු කර ඉදිරි දින කිහිපයේ දී එය දිවයින පුරා භාවිතයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වුවද මීට පෙර සැළසුම් කර තිබුණේ අද (25) දිනයේ සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි.

POPULAR

Recent articles