වඳුරු උණ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරයි

වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 3,040ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගතවූ සති දෙකක කාලය තුලදී වඳුරු උණ වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හමුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

POPULAR

Recent articles