පොහොර බෑගයේ බරට මිලක්

පොහොර බෑගයක අඩංගු යූරියා පොහොරවල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට ලබාදුන් යූරියා පොහොර බෑග්වල නිසි බරින් යුත් පොහොර ප්‍රමාණයක් අන්තර්ගත නොවන බවට පළ වී තිබූ තොරතුරු පදනම් කරගනිමිනුයි.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ පොහොර බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කළ ලේකම්වරයා දඹුල්ල ප්‍රදේශයට නිසි බරින් යුත් පොහොර ලබා නොදීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

POPULAR

Recent articles