”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපිය තමන් වෙත යොමු කරන බව මීට පෙර දුරකතනයෙන් දැනුම් දුන් බවයි.

මේ පිළිබඳ කතානායකවරාය කියා සිටින්නේ තමන් මේ අවස්ථාවේදී දැඩි පීඩනයක සිටින බවත් ඉතා ඉක්මනින් ඉල්ලා අස්වීමෙ ලිපිය යොමු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවයි.

මේ වනවිට වැඩ බලන ජනාධිපතිවරයෙකු පත් කර සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන පිළිබඳව සොයා බලන බව කතානායකවරයා සඳහන් කරනවා.

POPULAR

Recent articles