ශ්‍රී ලංකන් නිදහස් සේවක සංගමයත් සේද මාවතෙන් ඉවත්වෙයි

කටුනායක ගුවන්තොටුපළේ අද (12) අලුයම ඇති වූ සිද්ධියෙන් පස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිදහස් සේවක සංගමයත් ‘සේද මාවත (Silk Root)’ රාජකාරි වෙතින් ඉවත් වන බව පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය වන එහි සභාපති, ජනක විජයපතිරණ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් ප්‍රධානී වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තියෙනවා.

අද අලුයම පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පැන යාමට ගනු ලැබූ උත්සාහය වැළකී ගියේ මෙම ‘සේද මාවත (Silk Root)’ හි රාජකාරි වලින් ආගමන විගමන නිලධාරීන් ඉවත්වීම නිසයි.

දැන් ශ්‍රීලනිප වෘත්තීය සමිතිය කියන්නෙත් අද දහවල් 12.00 සිට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින් මෙන්ම තම සාමාජිකයන්ද ‘සේද මාවත CIP’ සේවා වලින් ඉවත් වන බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles