ඩීසල් බවුසරයක් පෙරලෙයි

ත්‍රිකුණාමලය IOC ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් 33 000L රැගත් තෙල් බවුසරයක් අද (11) උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරලී තිබෙනවා.

එම බවුසරයෙන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරකමින් ලබාගන්නා බවද පොලිසිය පවසනවා.

මාර්ගය ලිස්සා ගොස් ලොරිය පෙරළී ඇතැයි ද මින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවද පොලිසිය කියා සිටිනවා.

එමෙන්ම එම බවුසරයේ ඉන්ධන වෙනත් බවුසරයකට ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇතැයිද පොලිසිය කියනවා.

POPULAR

Recent articles