හිටපු ජපාන අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී ඇදවැටී රෝහල් ගත කර ඇති බවයි.

එම අවස්ථාවේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

POPULAR

Recent articles