චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්රදානය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන් බවත් ඒ අනුව පාසල් 7,900ක ළමුන් ලක්ෂ 11ක් සඳහා මාස 06ක කාලයක් සඳහා ලබාදීමට චීන රජය විසින් ප්රදානය කර ඇති බවයි.
ඊට අමතරව මෙරට පාසල් ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටිනවා.
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/06/290990418_564758411691486_2593908841756193344_n.jpg?resize=696%2C464&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/06/290965002_564758208358173_6307458070695967908_n.jpg?resize=696%2C713&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/06/291086151_564758135024847_5317177004478732757_n.jpg?resize=696%2C464&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/06/2c0f89ff43aac5a8f93eb86491873aa0.jpg?resize=696%2C928&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/06/2a32f090e2c3bbc01999088983b37c3a.jpg?resize=696%2C522&ssl=1)