මැයි 09 ගැන පෞද්ගලික බස්රථ හිමියන් ජාත්‍යන්තරයට පැමිණිලි කරයි

පසුගිය මැයි මස 09 වනදා පුද්ගලික බස් රථ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර සංවිධාන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ, යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයේ කොළඹ කාර්යාලයට මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලීමක් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

අදාළ බස්රථ ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට එම බස් රථ හිමියන් දැඩි ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles