ධම්මික පෙරේරා කල් ඉකුත් වූ බදු පියවයි

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් වීමට දින 10කට පෙර සිය කැසිනෝ ව්‍යාපාර හරහා ගෙවා ඇති කල් ඉකුත් වූ බදු පියවා ගෙන ඇති බව වාර්තා වෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු පරිපාලනය) මංජුල ගුණතුංග රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA) පැවසුවේ මැයි 30 වැනිදා ධම්මික පෙරේරා විසින් කල් ඉකුත් වූ බදු ගෙවා ඇති බවයි. ඒ ඔහුගේ කැසිනෝ ව්‍යාපාර හරහා රුපියල් මිලියන 1,150ක් උපයා ගැනීම වෙනුවෙන්.

2015 රජය විසින් රු. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කැසිනෝ ව්‍යාපාර හතරෙන් එකකට රුපියල් බිලියන 1 බැගින් අය කරන බද්ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට අයත් කැසිනෝ ශාලා හතර විසින් ගෙවා නොමැති බව ගුණතුංග මහතා පවසා තිබෙනවා.

කැසිනෝ ශාලා දෙකක් හිමි ධම්මික පෙරේරා මහතා රජයේ තනතුරක් ලබා ගැනීමට යන බවට මාධ්‍ය වාර්තා කළ විට එම කැසිනෝ ශාලා දෙක විසින් බදු ගෙවූ බවයි කියන්නේ. ඒ මැයි 30 වැනිදා යි.

POPULAR

Recent articles