ලංවිම හිටපු සභාපති යළිත් කෝප් කමිටුව හමුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු යළි කෝප් කමිටුව හමුවට කැඳවීට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු ලබන 23 වනිදා යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

මේ අතර මීට පෙර කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බලකරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.

නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් හිටපු සභාපතිවරයා කියා සිටියේ, මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් කළ බවයි.

කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර සිටියා.

පසුව ඔහු පසුගිය 13 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

POPULAR

Recent articles