මත්පැන් මිලත් ඉහලට

මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

මෙම මිල ඉහළ දැමීම නිෂ්පාදන පිරිවැය මත සිදුවූවක් නොවීම නිසා ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බව කී කපිල කුමාරසිංහ බදු වැකිරීමෙන් මිල වැඩි කළේ නම් පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ද සඳහන් කර සිටිනවා.

කෙසේ වුවද මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකළ ආකාරය සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් හා බියර් වර්ග 15% සිට 40% දක්වා පරාසයකින් ඉහළ දමා ඇති බවයි.

POPULAR

Recent articles