අවසන් ඉලක්කම අනුව තෙල් ගහන විදිහ

යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා.

අමාත්‍යවරයා සහ ප්‍රවාහන සංගම් අතර පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ප්‍රවාහන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ජේ.ඉමාම්ඩීන් කියා සිටියේ ත්‍රිරෝද රථවලට දෛනිකව ඉන්ධන ලීටර් 8 ක් ලබාදීමට එහිදී යෝජනා වූ බවයි.

POPULAR

Recent articles