අනුරාධපුරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ජය ශ්‍රී මහ බෝධිය, මිහින්තලය ඇතුළු නගරාසන්නයේ පිහිටි අනෙකුත් පූජනීය ස්ථානවල එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

පොලිස් මාධ්‍යය ඒකකය සඳහන් කරන්නේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 2500 කට වැඩි පිරිසක් අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර තවදුරටත් පිටත ආරක්ෂාව වෙනුවෙන් මාර්ග බාධක සහ යුද හමුදා සහය ද ඉල්ලා තිබෙනවා.

එමෙන්ම රථ වාහන ගාල් කිරීම සඳහා පූජා නගරය තුළ රථගාල් 18 ක් ද, මිහින්තලය පූජා නගරය තුළ රථගාල් 7 ක් ද ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පොසොන් පොහොය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසයි.

තව ද කොවිඩ් 19 සම්බන්ධයෙන් පවතින සෞඛ්‍ය උපදෙස් යම් තාක් හෝ පිළිපදිමින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට දැනුම් දෙනවා.

POPULAR

Recent articles